Proxy enable in ubuntu apt-get

In some working environments have proxy server to connect to the internet. when we using ubuntu we will get some difficult situations to use command line installations. So I explain how to setup proxy username and password in apt-get command.

Open following file using gedit

sudo gedit /etc/apt/apt.conf

add following lines

Acquire::http::Proxy "http://username:password@host:port/";
Acquire::ftp::Proxy "http://username:password@host:port/";

Eg :
Acquire::http::Proxy "http://sam:abc123@proxy.host.ssm:8080/";
Acquire::ftp::Proxy "http://sam:abc123@proxy.host.ssm:8080/";

Now save and exit, Now you will be able to update, upgrade or install packages in Ubuntu

sudo apt-get update

ගීතය සහා වටපිටාව

ගීතය සහා වටපිටාව

හුදෙක් ජීවිතය යනු මත්කයන් සහා බලාපොරොතුවලින් පිරුනු නවාතෑනකි. මෙ නවාතෑනින් අපි නික්මෙන තුරු ජීවිතයේ වු විවිදත්වයන් අප නොදෑනුවත්වම අත්හදාබලති, රසවිදිති. එලෙස මා ජීවිතයේ රසවිදුනු ලෑබු එක් සුන්දර සිතු විලි දාරාවක මතකය ලිපියකින් සටහන්ක් තෑබීමට දරන ලද වෑයමකි. 2007 වසරේ උසස්පෙල විභාගය නිම කොට නිවාඩුව ගත කිරීමට දුම්‍රියෙන් මා බදුල්ල බලා පිටත්විය. ස්පිටල් ගේ පරිවර්තනයක් රස්විදීමින් උඩරට මෑනිකේ දුම්‍රියෙන් ගමන ආරම්බ කල මා හට හුදෙකලාවේ අපූර්ව චමත්කාරයක් විදින්නට හෑකිවිය. පොත කියවීමෙන් විඩාබර වූ මාගේ දෙනෙත් දුම්‍රිය මෑදිරි කවුලුවෙන් එපිටට යොමු විය. කදු මුදුන්, ගිරි, ශිකර තරනය කරමින් අදෙන දුම්‍රිය මනස්කාන්ත චායා පිටපත් නොනවත්වා මා දෙනෙත්තුල සටහන් කරන්නට විය. මා පරිවර්තනය පසෙකින් තබා සුන්දර වටපිටාව රසවිදින්නට පටන්ගත්තේය.

udarata manike

කදු අතර වූ හුදෙකල්ලාව, පාලුව මා ජීවිතයට ඈදා දකින්නට උත්සහා කෙලමි. මේ වකවානුව මාගේ කාල රාමුවේ තරමක් විශෙශයි මන්ද යත් එකල මා කුලුදුල් ප්‍රෙමය අපේක්ශාවෙන් පසුවූවෙකි.  උපකාරක පන්තියේ දී හමුවන ගෑහෑනු ලමයෙකුට සිතින් පෙම් කරමින් සිටි මා, එවක ආදරයෙ මිහිර විදිමින් සිටි ප්‍රෙම වන්තයෙක්මි. මා ගේ දුරකතනයෙ රෙඩියොව සුසර කර ගීතයක් රස විදීමට මට සිතුනි. මොහොතකට පසු ලක් හඩ ගුවන් විදුලියේ විකාශය වන වික්ටර් රත්නායකයන්ගේ වෑඩසටහනක් ඈසීමට අවස්තාව විය. එහි දී ඔහු වීසින් ගීත කිහිපයක් ගායනා කල අතර ඉන් එක් ගීයක් මාහට විශෙශ විය. “පාවේ වලා… ඈත කදු බලා…” . මෙ ගීතයේ පදවෑල් එතරම් කරුනු රසායනයි මියුරුයි.

මේ ගීතයේ තනුව පද වෑල සහා වටපිටාව මා තුල මෑවුයේ ආනන්ද නීය හෑගීමකි. ගීතයක් පරිපූර්නව රස විදීමට නම් තනුව පදවෑල පමනක් ප්‍රමානවත් නොවේ, වටපිටාව සහා ගීතයේ වූ කරුනු රසයට සමීප වන මානසික මට්ටමක් රසිකයා සතු විය යුතුයි. අවසාන කරුන විටෙක තාර්කිකයි මන්ද යත් මේ ගීතය මීටත් වඩා රස විදිය හෑකි අකාර තිබිය හෑක. මෙය ගනනය කර මිනුමක් දීමට කිසිකෙනෙකුට නොහෑකිය. ගීතයක් පරිපූර්නව රසවිදීමට නම් මෙකී කාරනා සියල්ල ගීතයෙ සහා රසිකයා  තුල ස්තාපිත විය  යුතුයි.

පාවේ වලා… ඈත කදු බලා…
පෑ ආදරේ අමා… මා හද මවා…

කදුලෑල්ලෙන් හසරෑල්ලෙන් සිහින මෑවෙනවා
ජීවිතයේ මිහිරි සුවෙ මහද නෑගෙනවා
ආලොකෙ විහිදා සන්තා නෑසේ
සුසුම් රෑල් මෑකේ
නුවන් දිය සිදේ පහන් පෙම දිලේ

පා වේ වලා ….

හාදව පෙම් බෑන්ද රුවින් පාලුව මෑකුනා
ආදර ලොව අන්ද නොවේ දෙහදක නෑගෙනා
දෑසේ මෑවේ ආදරේ මල් සිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නෑගේ පහන් පෙම දිලේ

පා වේ වලා ….

මෙ ගීතය පිලිබද යම් දෙයක් පවසන්නට අවශ්යයයි. මෙ ගීතයේ පද වෑල එකල සිටි ඉතා දක්ශ ගී පද රච්කයෙකු වූ මී-ගොඩ ව්ල්සන් මහතා ගෙත්  තනු නිර්මානය මර්වින් පෙරේරා මහතාගෙත් සහා ගායනය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙත් බව.

 

වන්ගෙඩිගල නගින අපි

දිනය 2012 අගෝස්තුමස 3න් වෑනි දා. බස් රියේ රෑ පහන් කල අප පෙ. ව 6 ට පමන චාරිකාව අරබන්නට විය. එක් පසකින් හිරු ගේ අරුනත් අනේක් පස්කින් පුර්න චන්දරයත් හිස් වු අහස පුරා මෑවු යේ මනස්කාන්ත චිත්‍රයකි.මා අතුලු අප කන්ඩායමෙ සගයන් 8 දෙනෙකි. සියලු දෙනා බස් රතයේ දී ලද සුව පහසු නින්ද නිසා දො ඉතා ප්‍රබොදමත්ව ගමන ආරම්භ කලහ. වතුයාය හරහා වෑටුනු කුඩා මාර්ගයක් ඔස්සේ අප ඉදිරියට ගමන් කලහ. දෙපසින් උස්ව වෑඩුනු මාන පදුරුත් ඒ අතර වු ටකරම් සෙවෙලි කල පෑල්පත් අප සිත් තුල මෑවු යේ තරමක අසතුටු හෑගීමකි. මන්ද මෙ මාර්ගය පිලිබද අප දෑන සිටි තොරතුරුවලට එය පටහෑනි වු බෑවිනි. මාර්ගය තරමක බෑවුම සහිත වු බෑවින් ඉහලට නෑගීම තරමක වෙහෙසකර විය. නොබො වේලාවකින් මා හට ඉහලින් වම්පසට හෑරුනු ජිප් රත මාර්ගය දිස් වන්නට විය. එය පයින්ස් ගස් අතරින් ඉහලට ඈදෙන අබලන් වු මාර්ගයකි. මා ලද තොරතුරු වලට අනුව අප ආ ගමන් මග නිවෑරදි බව තහවුරු විය.හමුවු ජීප් රත මාර්ගයේ අප ඉදිරියට ඈදෙනනට වු යේමු. අප චාරිකාවේ එක් කඩ ඉමක් වු වතුයායේ අවසානය වෙත ඉර මුදුන් වීමට ප්‍රතමයෙන් ලගා වීම අපගේ අරමුන විය.

මෙ දින කිහිපය පුන්සද අහසේ බෑබලෙන සුන්දර රාත්තිරියක් ගෙන් සමන්විත වන බව නොවනුමානයි. අපගේ සෑලසුමට අනුව අප එදින රාත්‍රිය කදු මුදුනේ ගත කිරීමට නියමිතයි. එම නිසා වේල් තුනක් සදහා අහාරයට ගෑනීමට අවස්ය අහාරත් අට දෙනකුගෙ පිපාසය සන්සිදු වීමට අවශ්ය ජලයත් , නවාතෑන් ගෑනීමට කුඩාරමත් රෑගෙන යායුතුයි .මෙ සියල්ල කුදලගත් අපි.අතේ, කටෙ, කරේ එල්ලා ගෙන කන්ද තරනය කරන්නෙමු.

උදෑසන 7.30 ට පමන උදෑසන ආහාරය පිලියල කිරීමට අප සුදානම් විය. ප්‍රදෙශය පුරාවට පෑතිර ඈති නිහෑඩියාවත්, විටින් විට ඈසෙන කුරුල්ලන්ගේ ගීතත්, කදු මුදුන් සිසාරා හමා එන සුලගත් අප ගත සිතට එක් කලේ පුදුම සනීපයක්. වම්පසින් සීග්‍ර බෑවුමත් අනේක් පසින් සරුවට වෑඩුනු තේ වගාවත් මනාව දර්ශනය වේ. අපගේ සගයන් කිහිප දෙනෙකු අහාර පිසීමට සුදානම් වන අතරතුර මා සහා පසිදු අපගේ සිතියම ගෙන අප ඉන්නා ඉසව්ව පරීක්ශා කරන්නට විය.සිතියමට අනුව කුඩා අඩිපාරක් වතුයාය හරහා ඉහලට ගමන්කරයි. එය අප ස්ටින ස්තානයට අඩි කිහිපයක් ඉදිරියෙන් පිහිටා තිබුනි. එය ගල් පඩි වලින් සමන්විත වන අතර තේ දලු නෙලන කම්කරුවන් විසින් භාවිතා කල කෙටි මාර්ගයක් වනු නොඅනුමානුමානයි.පාන් සමග මීට් බොල්ස් කරිය එදින අපගේ උදෑසන අහාරය විය. මෙවෑනි ගමනක් යෑමේදී ශක්ති බහුල ප්‍රොටීන සහිත අහාරයක් ගෑනීම සුදුසුයි. මන්දයත් කිලො 25 ක් පමන බරක් ඔසවාගෙන බෑවුමක් සහිත මාර්ගයක ඉහලට ගමන් කිරීම එතරම් පහසු කටයුතක් නොවෙ. ශරීරයේ තුල්ය තාවය පවත්වා ගෑනීමටත්, අනතුරක දී හො මගහෑරීමක දී වෑඩි කාලයක් ශරීරය ක්‍රියාකාරීව පවත්වා ගෑනීමට මෙවෑනි අහාරයක් වෙනවා .

උදෑසන ආහාරය නිම කොට අපි නෑවතත් ගමන ආරම්භ කලහ. සිතියමේ ස්ටහන් වු පරිදි කෙටි මාර්ගය භාවිතා කිරීමට අපි කවුරුත් එකග විය. මාර්ගය කෙටි වුවද ගල් පඩි අතරින් ඉහලට නෑගීම වෙහේස කරයි. ගල් පඩි 2ක් අතර උස අඩියක් පමන විය.ගල් පඩි විවිදාකාර හෑඩතල වලින් සමන්විත වූ කළු ගල් අතුරා සකසා ඈත. ඒවා යේ වු අස්වාභාවික පෘශ්ඨය නිසා පය තෑබීම අවදානම් සහිත යි. දෙපසින් වූ තේ අතු අල්ලා ගෙන අප ඉහලට පිය නෑග්ගෙමු.මෙලස පඩි සහිත අබලන් මාර්ගයේ කිලොමීටරයක පමන දුරක් ගෙවා අපි නෑවතත් ප්‍රදාන මාර්ගයට පිවිසිය.

මෙතෙක් වේලා අප පෑමිනි ගමන් මාර්ගයේ දක්නට වූ යේ තේවතු සහා කුඩා කුඩා ලදු කෑලෑවන් ය. ප්‍රදාන මාර්ගයට පිවිසීමත් සමග මාර්ගයට උතුරු දෙසින් මාර්ගය දෙසට මුහුනලා විශාල ගොඩනෑගිල්ලක් විය. එහි කොටසක් කලු ගලෙන් නිමවා ඈති අතර ඉතිරිය සිමෙන්ති බදාමෙන් කරවා

ඈත.ගොඩනෑගිල්ලට පිවිසීමට කුඩා මාර්ගයක් ඈති අතර ප්‍රදාන මාර්ගයෙන් ඉහලට වන සේ එය නිර්මානය කර ඈත.එහි බිත්ති සුදු පෑහෑයෙනුත් වහලයට කොළ පෑහෑති උලුද අතුරා මානාව සකසා ඈත. මෙය නිසක වශයෙන්ම වතු යායට අයත් බන්ගලාවක් වනු ඈත. අප පිටු පසින් ආ අපගේ අනෙක් සගයන් පෑමිනෙන තේක් අප පාරේ වාඩි වී ගිමන් හෑරියෙමු.නොබෝ වේලාවකින් අප දෙසට දිව එන පුද්ගලයෙක් විය. ඔහු අතේ CDM වර්ගයේ දුරකතනයක් ද විය. “මහත්තයාලා කොහෙද මේ යන්නේ?” එක වරම ඔහු අපෙන් ප්‍රශ්න කලේය. තරමක ත්ගෑස්සීමකට ලක් වූ අපි, ආ කාරනය විස්තර කලේය. ඔහු තරමක සිහින් සිරුරක් ඈති වතුකම්කරුවෙකු බවත් වතුයායේ අරාක්ශාව ඔහුට පෑවුරී ඈති රාජකාරි බවත් අපි වටහා ගත්හ.

ඔහු එක හෙලා ප්‍රකාශ කලේ කන්දේ ඉහලට ගමන්කිරීමට අවසර නොදෙන ලෙසයි. නමුත් අප හෑදුනුම් පත් සහා විශ්ව විදාල තොරතුරු ලබා දීමෙන් පසු අපට ඔහුගෙන් කන්ද නෑගීමට අවසර ලෑබින. මොවුන් වතු යායේ වෑඩ කරමින් එදිනේදා තම ගතම්නාව සොයා ගන්නා කම්කරුවන්ය. මොවුනට මහා බලාපොරොත්තු නෑත.එකි නෙකා අතර තරගයක් ද නෑත, අවට ලොකයේ කුමක් උවද මොවුනට ක්ම් නෑත.ඉතා සරල වු දිවි පෙවෙතකට හිමිකම් කියන මොවුන් සෑබෑ වාසනාවන්තයොය.මොවුන්ගෙන් ලද උපදෙස් වලට අනුව ඉදිරියෙන් ජල උල්පත් දෙකක් හමු විය යුතුයි. ඒ ලද තොරතුරත් සමග අප කාගෙත් මුහුනු වල සිනා රෑල් ලක් පහල විය. මොහොතක් විඩා නිවා ගත් අපි නෑවතත් ගමන ආරම්භ කලෙමු.ඉන් නික්මී අප ඉදිරියට ගමන් කලෙමු. වතු කම්කරුවා කී පරිදි අපට දිය උල්පත් හමුවුනි. මුහුන අත් පය සොදා ගත් අපි නෑවත ගමන ආරම්බ කලෙමු.

දිය පහරින් ලද සුවය නිසාදො අපට ගමන් මහන්සිය මදකට පහව ගොස් අමුතු සිසිලසක් දෑනෙන්නට විය. පියවරෙන් පියවර අප නූතන ලොකයෙන් ඈතට යන බව හෑගී ගියෙය. තුරු ලතා සහා ගල් පර්වත පමනක් සහිත අමුතු ලොකෙක අප දෑන් ගමන් කරයි. අප ගේ සෑලසුමට අනුව අප ජිප් රත මාර්ගයේ අවසානයට ලගා විය. මින් ඉදිරියට අපට යාමට ඈත්තේ මහා වනය මෑ දින්ය. අප තරනය කරන්නට සුදානම් කන්ද දෙස බලා අප සියලු දෙනා සෑනසුම් සුසුම් හෙලු හ.

This slideshow requires JavaScript.

චාරිකාවට සහභාගීවූ පිරිස ආදරෙන් මතක් කරන්න ඕනේ , අමිල,ටෙශාන්,ගයාන්,පසිදු,නිපුන,සුසිත සහා සම්පත්. මෙ සියලු දෙනාගේ කන්ඩායම් හෑගීමත්, මිතුදමත් නොවන්නට අපට මෙ ගමන සිහිනයකි.

ඡායාරූප කරනය ටෙශාන් නානයක්කාර.

Shell script සහා unix පධතිය ගෑන

Shell ගෑන දෑන ගන්නට පෙර unix පද්ධතිය ගෑන කෙටි විස්තරක කරන්න සිතුවා

ඔනෑම මෙහෙයුම් පධතියක තියනවා core එකක්. මෙය බොහො වෙලාවට හදුන් වන්නේ kernal එක කියලා .unix පද්ධති සෑලකු විට එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්

  1. පරිශ්‍රීලක තලය (user base)
  2. kernal තලය (kernal base)

මෙන්න මෙ kernal තලය මගින් තමයි මෙහෙයුම් පදතිය සහා දෘඩාංග අතර bridge එකක් එහෙමත් නෑතිනම් සන්නිවේදනයක් ගොඩනගන්නේ.මෙමගින් ප්‍රිශිලක තලය ක්‍රියාත්මක විමට අවශය පහසුකම් ලබා දිම සිදුකරනවා.

උදාහරන ලෙස……

  • ප්‍රාතමික මතකයන් ලබාදිම (Memory Allocation)
  • ජාල කරනයන් ලබාදිම (Network connections)
  • ආදාන හා ප්‍රතිදාන උපකරන වල දත්ත ලබාගෑනිම සහා ලබාදිම (Input/Output device control)

වෑනි සුක්ශම ක්‍රියා සිදු කරනු ලබනවා. මෙම කොටසට පධතිය ක්‍රියාකරන විට ඒ සදහා වෙන් වන ප්‍රාතමික මතකය මොනයම් හො හෙතුවක් මත වෙනස් විමක් සිදුවන්නේ නෑ.එය නියතයක් විදිහට ක්‍රියාත්මක වෙනවා .එනම් ප්‍රධාන මතකයෙන් kernal තලයට වෙන් වු කොටස හෑර සෙසු මතකයන් user තලයට හිමිවෙනවා. මෙකට කියන්නේ memory segregate වෙනවා කියලා.

පරිශ්‍රීලක තලය  මගින් මෘදුකාන්ග ක්‍රියාත්මක කරලිම සිඩුකරනු ලබනවා. kernal තලය සමග සන්නිවේදනය කිරිමට system calls යොදා ගනු ලබනවා.

shell script කියන්නේ මෙන්න මෙ සන්වෙදනය සිදු කරගෑනීමට භාවිතාකරන program එකක්. මෙය භාවිතයෙන් අපිට පුලුවන් යම් යම් ක්‍රියා ස්ව්යන්ක්‍රියව සිදු වන පරිදි පධතිය සකස් කරන්න. භාවිතයේ ඈති ප්‍රධාන වාසිය තාමා අපි භාවිතා කරන script එක නෑවත නෑවත ප්‍රයොජනයට ගත හෑකි වීම (Reusability).

සාමාන්යයෙන් unix පදධතියක shell වර්ග කීපයක් දකින්න පුලුවන්. shell එක කියන්නේ program එකක්. එය යතුරු පුවරුව මගින් ලබා දෙන විධාන මෙහෙයුම් පධතියට ලබා දී  ක්‍රියාවට නෑන් වීම සිදු කරනු ලබනවා

සාමාන්නයෙන් unix පධතියක දක්නට ලෑබෙන shell වර්ග කීපයක්

මෙම විධානය මගින් පුලුවන් ක්‍රියාකරන පධතියේ අඩන්ගුවන shell වර්ග හදුනා ගන්න

user@machineName:/$ cat etc/shells

අවශ්ය shell එකට පිවිසීමට  අදාල  shell එකේ නම සදහන් කරන්න. නෑවත ක්‍රියා කල shell එකට පිවිසීමට Ctr+D press කරන්න .

shell scrip ලිවීම සදහා අපිට ඔනෑම editor එකක් භාවිතා කල හෑක. සාමාන්යෙන් VI editer එක එහෙමත් නෑතිනම් Nano editer බහුලව භාවිතා වෙනවා. shell script එකක් ලිවීම සදහා මුලින්ම අපිට file එකක් සාදාගන්න වෙනවා. මේ සදහා අකාර කීපයක් තියෙනවා ඉන් කීපයක් සදහන් කරන්නම්

user@machineName:~/shellprac$ cat > ex1.sh
user@machineName:~/shellprac$vi ex1.sh
user@machineName:~/shellprac$nano ex1.sh

මෙලෙස සාදාගත් file එකේ ඉහලින්ම ලිවීමට යන shell script එක අදාල වන shell එකේ path එක ලබා දෙන්න ඕනේ

#!/bin/bash

සාමන්යෙන් අනිත් programming language  වල එන නීති මෙහි දීද වලන්ගුවෙනවා. මම සරල උදාහරනයකින් විස්තර කරන්නම්

#!/bin/bash
file=$1;
if test -r $1
then
 echo File found dont want to create;
else
 whoami > "$file";
 echo New file create;
fi

මෙතනදී file කියන්නේ වේරියබල් එකක්.මේ වේරියබල් එකට $1 අසයින් කරලා තියනවා. අපි මේ වේරියබල් ගෑන ටිකක් සලකා බලමු. අපි සාමන්නයෙන් programming වලදී functions භාවිතා කරනවා. මේ functions වලට පුලුවන්නේ parameters pass කරන්න. මෙන්න මේ වගේ අපිට පුලුවන් script එක execute වීමේදී අවශ්ය parameters pass කරන්න. මෙවට කියනවා positional parameters කියලා. මෙලෙස සපයන ලද දත්තයන් අපිට script එක අතුලෙදී ලබා ගන්න පුලුවන්.සපයන පිලිවලට සපයන ලද දතයන් $0 සිට $1, $2, $3… ආධීවශයෙන් වේරියබල් වලට අසයින් වීම සිදුවනවා. මෙන්න මේ වේරියබල් භාවිතයෙන් අපිට පුලුවන් සපයන ලද දත්තයන් script එක අතුලේදී භාවිතා කරන්න.

ඉන්පසු මෙම script එකෙන් සිදුවෙන දේ මම කෙටියෙන් පෑහෑදිලි කරන්නම්.script එක execute වීමේදී file name එකක් ලබා දීම සිදුකරනවා. script එක මගින් සපයන ලද file එක අදාල directory එක අතුලේ තිබේද? සහා එය කියවීමට හෑකිද? යන්න පරීක්ශා කරනවා. අදාල file එක තිබේ නම් එය තිබේ යන පනිවිඩය තිරයේ දිස් කරනු ලබනවා. අදාල file එක නොමෑති නම් ෆයිල් එක සාදනු ලබනවා. සාදන ලද ෆයිල් එක තුලට දෑනට පධතියට log වී සිටින user ගේ නම සටහන් කිරීමක්ද සිදුකරනවා.

මෙය ඉතා ස්‍රල අභ්‍යාසයක්.තව බොහො දේ shell script භාවිතයෙන් සිදු කරන්න පුලුවන්.

301 Redirect ගෑන දෑනගමු

ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුනා.මෙම ලිපිය තුලින් මා බලාපොරොතුවන්නෙ 301 redirects ගෑන වෑදගත් වන කරුනු කීපයක් හදුන්වා දන්නටයි.ඉස්සෙල්ලාම අපි සලකාබලමු මොකද්ද මෙ 301 කියන්නෙ කියලා.301 අපට මුලික වශයෙන් වෑදගත් වන්නෙ වෙබ් අඩවියක පිටුවක් ඉස්තිරවම වෙනත් ස්තානයකට මාරු කලබව හෑගවිමටයි

web-redirects

redirect

මීට අමතරව 301 අවශ්ය වන තවත් ස්ථාන තිබෙනවා.අපි ඒ පිලිබදවත් සලකා බලමු

සමහර අවස්ථාවන් වලදි වෙබ් අඩවියෙ පිටු වලට පිවිසිය හෑකි වෙබ් ලිපිනයන්
වෙබ් අඩවියෙ ලිපිනය එහෙමත් නෑතිනම් ඩොමෙන් එක වෙනත් නමකට මාරු කල විට එකකට වඩා තිබිම.එ කියන්නෙ එක් වෙබ් පිටුවකට URL කීපයක් තිබීම.

උදා හරනයක් සලකා බලමු :www.example.com මෙම ව්බඩව්යෙ ප්‍රදාන පිටුවට මෙවෑනි අකාර වලින් පිවිසිය හෑක.

මෙවෑනි පිවිසුම් මාර්ග කිපයක් එක් පිටුවකට තිබිම වෙබ් අඩවියට එතරම් සුභ නොවෙ. ම්න්ද මෙවනි දුර්වලතා නිසා වෙබ් අඩවිය සෙවුම් යන්තර මගින් ප්‍රතික්ශෙප විය හෑක.

3.ඔබගෙ වෙබ් අඩවිය ගතික පිටු සහිතනම් හො අඩ්මින් පෑනල යක් මගින් පාලනය කරන පිටු සහිතනම් ඈඩ්මින් පෑනලය මගින් සිදුකරන යම් යම් වෙනස්කම් (යවත්කාලකිරිම්, ඉවත් කිරීම් ආදිය) නිසා ඔබගෙ වෙබ් අඩවියට වෙනත් වෙබ් අඩ්ව් වලින් එන ලින්ක්ස් සහා සෙවුම් යන්ත්‍ර හරහා නිර්මානය වුනු ලින්ක්ස් ක්‍රියා විරහිත විය හෑක.

ඉහත කාරනා හේතු කොටගෙන වෙබ් අඩවියේ not found ලින්ක්ස් දාරිතාවය වෑඩි වන්න පුලුවන්.මෙවෑනි අවස්තාවන් වලදි අනුගමනය කලයුතු පියවර තිබෙනවා ඒ තමයි අපට පුලුවන් එසේ සෑකසුන ලින්ක්ස් සොයා එවා ක්‍රයාකරන, ගෑලපෙන පිටුවලට යවන්න මෙම ක්‍රමයට කියන්නේ redirect කිරීම කියලා.

Redirect කිරීම් ආකාර කීපයක් තිබෙනවා

  1. htaccess file එක භාවිතයෙන්
  2. header redirect ක්‍රමය මගින්
  3. HTML  redirect
  4. Java script redirect

සාමන්නයෙන් සෙවුම් යන්ත්‍රවල නිර්දෙශයට අනුව මින් වඩාත් නිවෑරදි ක්‍රමය වන්නේ පලමු වෑන්නයි.

ගීතය

මලක් උනේ ඇයී නුඹ මට… ජීවිතයට සුවඳ සලන

එනමුදු සිප ගන්නට තහනම්…

විලක් උනේ ඇයී නුඹ මට…

ජීවිතයට සිසිල ඉසින… දිය දෝතක් බොන්නට තහනම් ….

පහන් තාරකාවක් සේ…

ජීවිතයට මග කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්?

 සහන් ගීතිකාවක් සේ…

ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්?

මලක් උනේ ඇයී නුඹ මට…

මේ ගීතය මගේ සිතේ මෙහෙම සිත්තමක් සිතුවම් කලා…..

නුඹ මට මලක් වගේ ඒතරමට ඔබ සුවදයි.ඔබෙ ඒ සුවද නැමති ඔබේ ආදරයට පුලුවන් මෙගේ මුලු ජීවිතයම සුවදවත් කරන්න. ඒත් ඒ මල කෙතරම් සුවද වුනත් ඒ මල සිප ගන්න මට අයිති නෑ.ඔබ විටෙක සුන්දර වන පෙතක ශාන්තව ලෙලදෙන විලක් බදුයි.දින ගනනක් පිපාසයෙන් දිය සොයා එන මුවෙකු මෙන් මා ඔබව සොයා එන්නෙමු එහෙත් ඒ අමිල දියෙන් එක දිය බිදක් ගෙන මගේ දෙතොලේ තවරාගන්න මට හැකි වුනේ නෑ.
 
විටෙක මා  මයාවන් ගෙන් බහුල මිනිස් කුලකයේ අතරමංව සිටියා .හරියට මාරුතයකට හසුවී තනිවුනු නාවිකයෙක් වගේ.ඔබ එදා ඇවිත් මට පහන් තාරකාවක් වෙලා මග පෙන්වන්නට උනා. නමුත් ඒ එළිය මොහොතකින් නිවී ගියා .මා තවමත් ඒ භියකරු සාගරයේ ,ඒ තාරකාව දැල් වෙන තුරු බලා සිටිනවා.කෙලෙසද මා එය සොයා ගන්නේ…. 
 
ව්ටෙක ඔබ මා හට දෙසවන් මත් කරවන මියුරු ගීතයක් වුනා.ඒ ගීත යේ තනුවට පුලුවන් වුනා මා ගේ විඩා බර ජීවිතය ස්වරයෙන් ස්වරය සුසර කරන්නට.හරියට විලන් වුනු වීනාවක් සුසර කරන වා වගේ එහෙත් ඒ වීනාවෙන් ඔබේ ගීතය කෙසේ වයන්නද?
මං ඔබට කොතරම් ආදරේද ? ඒත් මම දන්නෙ නෑ ඒ ආදරය මැන පෙන්වන්නට…….

සාදු කාර….

හැමදාම කතා බහ කරන මාතෘකා වලින් මිදිලා උතුම් දෙයක සත්‍යතාවය පිලිබද කතිකාවක යෙදෙන්න සිතුවා.මදක් සිතන්න අපි මේ ජීවත් වන ලෝකය කෙතරම් අර්බුද කාරිද? කෙතරම් තරගකාරිද? මිනිසුන් මුදල් පසුපස දුවන්නේ හරියට දුන්නෙන් මිදුනු හීයක් වගේ.ඉතින් මේ ගමනේදී අපි අතින් බහෝ වැරදි , අකුසලයන් සිද්ද වෙනවා.ඉතින් මේ අකුසල කර්මයන්ගෙන් මිදිලා යහපත් ජීවිතයක් ගතකරන්න බුදු දහම අපිට බොහෝ උපකාරි වෙනවා.ඉතින් මේ ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ බුද්ධ චරිතය හා බැදුනු විශේෂ සිදුවීමක් තුලින් බුදුන් කෙරෙහි ශ්‍රද්දාවක් ඔබ සිත තුළ මතු කරන්නටයි.මන්දයත් බුදුන් සරන යෑම කෙනෙකු රැස් කරගන්නා මහා කුසල කර්මයක්.

සාදුකාර

ඇත්තටම මේ ලිපියට ප්‍රවෙෂ්ඨයක් ගන්නට පෙරාතුව යම් දෙයක්  ඔබට මතක්කර දෙන්නට ඕන.අපි තමයි මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම ජන කොට්ඨාශය. මන්ද මහා මේරු පර්වතයක් බදුවු මේ නිර්මල බුදු දහමේ සිසිලස,අවුහරන ශි ලාංකික වන අපට ලැබී තිබීම.ඉතින් මේ නිර්මල බුදු දහම අවබොදකර ගැනීම තමයි අපිට තියන අභියෝගය. අපි ඉපදෙනවා , ඉගෙනගන්නවා, රස්සාවක් කරනවා, කසාද බදිනවා ,ළමයි හදනවා, මැරෙනවා … මේක මනුස්ස සංහතිය තුල දිගින් දිහගටම සිදුවන සංසිද්දි පෙළක්.මේකේ තියන අස්තිර ස්භාවය, අනිත්‍ය බව අපට වැට හෙන්නේ නෑ.බුදුන් වහන්සේ එක්තරා තැනක දෙශනා කරල තියනවා කෘතක්ජන මිනිසා මේ භවයේ ගමන් කරන් නේ හරියට අන්දයකු පාරේ ගමන් කරනවාටත් වඩා භයානක ලෙසලු.ඉතින් බුදුන් වහන්සේ විසින් දෙශනා කල වදාල  මේ ශ්‍රී සද් ධර්මය අප වැනි අන්දයන්ට ලැබුනු සැරයැටියක් වගේ.ඒ කෙන් ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනේ.

ඔබ දන්නවා බුදුන් වහන්සේ ලොවුතුරා මාහා සම්බුද්දත්වයට පත්වන්නට පෙරාතුව කොතරම් වෙහෙසක් කොතරම් උත්සහායක් මේ ධර්මය අවබොද කරගන්නට යෙදෙවුවද කියලා.ඉතින් අපි කුඩා කල  සිටම දන්නා දෙයක් තමයි උන්වහන්සේ බුදු වීමට ප්‍රථම ශරීරයට දැඩි ලෙස දුක් දුන් බව එනම් දුෂ්කරක් ක්‍රියා කල බව.ඉතින් අපි ඔය කට වචනෙට දුෂ්කරක් ක්‍රියා කලා කියල කිවු වට කාටවත් තෙරුනේ නෑ ඕකේ තියන දුශ්කර බව.ඉතින් මාගෙ මේ උත්සහය ඒ ගැන ඔබට අවබෝදයක් ලබා දීමටයි.

ඔබ දන්නවා ශ්‍රමන ගෞතමයන් වහන්සේ වයස අවුරුදු 29 යේදි ගිහි ජිවිතය අත්හැරලා සත්‍ය සොයා ගෙන යාමට පටන් ගත්තා. උන්වහන්සේ සොයන්නේ මොනවද එය ලබා ගන්නේ කෙසේ ද කියා ඒ වන විට උන්වහන්සේ දැන සිටියෙ නෑ.ඉතින් මේ ශ්‍රමන ගෞතමයන් වහන්සේ ගිහි ගෙයින් නික් මිලා යන අවස්තාවේ දි උන්වහන්සේට මුන ගැහුනා ආලරා කාලාම සහා උද්ද කරාම පුත්ත කියන උදවිය ඉතින් මොවුන් උන්වගහන්සේට යනම්කිසි ප්‍රරමානයකට සමාදියක් පිලිබද ඉගන්වුවා.නමුත් උන්වහන්සෙට පැහැදිළි උනා මෙය නෙවේ තමා සොයන සත්‍ය.ඉතින් උනවහන්සේ මොවුන් ගෙන් නික්මිලා රජගහ නුවර ප්‍රදෙශයේ සිට නගෙනහිර පැත්තට ගමන් ආරම්භ කලා.ඔහොම යන කොට උන්වහන්සේට මුනගැහෙනවා ඉතාම ශාන්තව ගලා බසින සුන්දර ගංගාවක් මේ ගඟ තමයි නේරන්ජනා නදිය.උන්වහන්සේ මේ පරිසරය දුටුවාම උන්වහන්සේ ගේ සිතට හරි සතුටක් දැනුනා.ඉතින් උන්වහන්සේ සිතා ගත්තා කෙලෙස් ස්ථාන වීර්ය පුද්ගකලයකුට තම වීර්ය වැඩීමට මෙය අපුරු තෝතැන්නක් බව.උන්වහන්සේ තනියම වීර්ය වඩන්න පටන්ගත්තා. උන්වහන්සේ එදවස වැඩු විර්යය/උත්සහාය සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න බෑ.මේ ගැන උන්වහන් සේ තම සූත්‍ර දේශනාවල හරි ලස්සනට පැහැදිලි කරනවා.

උන්වහන්සේ දේශනා කරනවා තමා එකල  නොයෙකුත් ආකාරයට සත්‍ය අවබොඳ කරන්න උත්සහා කරාලු.එක් අවස්තාවක උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ හුස්ම ඉහලට ගෙන හිර කරගෙන පැය ගනන් ඉන්නවා, එතකොට උන්වහන්සේට දැනෙනවලු උන්වහසේගේ කන් වලින් මහා ශබ්ද්යක් ඇසෙනවා එයත් විර්යයයෙන් තද කරගන්නවා ඊට පස්සේ දැනෙනවාලු උන්වහන්සෙගේ හිස පොරවකින් පලනවා වගේ ඒත් උන්වහන්සේ  තමගේ වීර්රය අත් හැරියේ නෑ .මේ විදිහට ශ්‍රමන ගෞතමයන් වහන්සේ විව්ධ  ක්‍රිම අත්හදා බලන්න පටන්ගත්තා.ඔය ඉහත කී භාවනා ක්‍රිමයට උන්වහන්සේ කියන්නේ අප්ප්‍රානක ධ්‍යානය කියලා.ඒ කියන්නේ පන යන භාවනාව. ඉතින් ඔය විදිහට උන්වහන්සේ නොයෙකුත් ක්‍රිම අත්හදා බැලුවා.තවත් තැනක උනවහන්සේ දේශනා කරනවා මම හරියට ඉවසුවා .උන්වහන්සේ එක් දිනක අමු සොහොනට ගිහින් මිනී ඇටයක් මත හිස තබාගෙන සිටියදි ගොපලු ඇවිත් උනවහන්සේගේ ශරිරයට මුත්‍රා කලා ,කොලු ගටවුන් ඇවිත් කන් වලට ඉරටු ගැසුවා ඒ සියල්ල මං ඉවසුවා.ඊට පස්සේ මන් තිරිසන් සතෙක් වගෙ හිතන්න පටන් ගත්තා.මිනිස් පුලුටක් නොදැක මන් සිටියා….හිම වැටෙන කාලෙට මම ඇගේ කිසිදු වස්ත්‍රය නැතිව සීතල දියට බැස ගබුරට ගොස් භාවනා කලා.එතකොට මගේ ඇගට උහුලාගන්න බැරි දැඩි වේදනාවක් දැනුනා.ඒත් මම ඉවසුවා.

බලන්න උන්වහන්සේ කෙතරම් වීර්යක් වඩලා තියෙනවද කියලා මේ ජීවිත යේ යතාර්තය අවබෝද කරන්න.එකල බුදු සමයේ විසු මිනිසුන්ට හොදට වීර්ය වඩන්න පුලුවනලූ.ඒ පෙර පිං  බලය නිසා.ඉතින් මේ විදිහට උන්වහන්සේ ශරීරයට දැඩි දුක් දෙමින් තමා සොයන විමුක්තිය සොයන්න උත්සහා කලා. ඒහෙත් තවම උත්සහය සර් ථක වුනේ නැ.

ඊට පස්සේ උන්වහන්සේ සති ගනන් මාස ගනන් නිරා ආහාරව සිටියා.එහි විපාක කොතෙක්ද් කිවුවොත් උනවහන්සේ දේශනා කරනවා මගේ සම පිරිමදින කොට අතට අසුවුනේ වේලුනු කුණු වුනු රෝම, මගේ බඩ අතගාන කොට මට හසු වුනේ මගේ කොදු ඇට, මගේ හිස පිරිමදිද්දී මට දැනෙන්නේ වේලිච්ච පැපොල් ගෙඩියක් පිරිමදිනවා වගේ , ඉතින් මේ විදිහට උන්වහන්සේ තම ශරිරයට දැඩි ලෙස දුක් දුන්නා.

අපි දන්නවා බුදුන්වහන්සේ දුෂ්කරක් ක්‍රියා කල බව නමුත් එහි වු අසීරු බව එහි වු දුශ්කර බව අපට දැනෙන්නේ නෑ.බුද්ධ දේශ්නා පරිශිලනය කරන විට සුත්‍ර දේශනා වල මේ බව හරි අපුරුවට පැහැදිලි කරනවා.ඉතින් බලන්න උන්වහසේ කෙතරම් උත්සහායක් දරලා තියෙනවද මේ ධර්මය අවබෝධ කර ගන්නට.

මෙලෙස විඩා බරව සිටින උන්වහන්සේට එක එකවරම මතක් වුනා තම කුඩා අවදියේදි සිදුවු අපුරු සිද්දියක්. ඒ තමයි තමා කුඩා කල වප් මගුල් උත්සවය දවසේදී  සිදුවුනු අපූරු සිදුවීම .එදා කුඩා බෝසත් කුමාරයා ඇසතු ගහ යට සුව නින්දක යෙදි සිටියා, එක වරම අවදි වු ගමන් සිත පිහිටියේ ආනාපානාසති යේ.මෙයට සමවැදී සිටි කුමාරයා නොදැනුවත්වම පොලවෙන් උඩට එසවුනා.මෙහිදී තම‍යි තම පියා දෙවන වරට තම පුත් කුමරයාට වැදීම සිදුවෙන්නෙ.

ඉතින් අබල දුබලව සිටින ශ්‍රමන ගෞතමයන්ට මේ සිද්දිය සිහියට නැගුනා.ඉතින් අමාරුවෙන් කොන්ද කෙලින් කරගෙන හිද ගන්නවාත් සමගම  සිහි නැතිව ඇද වැටුනා.ඉන් පසු උන්වහන්සේට අවබෝද වුනා මේ සත්‍ය ශරිරයට දුක් දිලා සොය ගන්න බැරි බව.

එහෙම හිතලා උන්වහන්සේ විවෙකීව දින ගනනක් ගෙව්වා නමුත් තම උත්සහාය අත්හැරියේ නෑ.දින කීපයකට පසු උන්වහන්සේ තම ප්‍රාත්‍රයත් රැගෙන සෙනානි ගමට පියමන් කලා.එහිදි උනවහන්සේ දෙස බලා ගම් වැසියන් උන්වහන්සෙට ඇප උපස්ථාන කලා,ආහාර ලබා දුන්නා.ආහාර වැලදීමත් සමග උන්වහන්සේගේ ශරීරය ක්‍රිමයෙන් සුව තත්වයට හැරුනා.දැන් උන්වහන්සේ ශක්ති සම්පන්නයි නිරෝගි.

ඉතින් උන්වහන්සේ මෙ හුදකලාවේ දිගින් දිගටම අනාපානාසතිය වඩන්න පටන් ගත්තා.මෙන්න මෙහෙම හිදිත් දී තමයි උන්වහන්සෙට සුජාතා සිටු දේවියගෙ කිරි දානය ලැබෙන්නේ.උනවහන්සේ එය වලඳා, ගගෙන් එගොඩ වෙලා ගඟ දිගේ ගමන් කලා.මෙසෙ ගමන් කරද්දි උන්වහන්සේට මිත්ත්‍රයෙක් මුන ගැහුනා.ඔහු තමයි සොත්තිය බමුණා.මේ බමුණා උනවහන්සේට දුන්නා කුසතන අට මිටක්. මොනවද මේ කුසතන කියන්නේ? …මේවා අපේ රටේ හැදෙන්නේ නෑ.නමුත් කුසතන වලට සමාන පදුරු වර්ගයක් නම් තියෙනවා.ඒ තමා ඉලුප්. ඉතින් ශ්‍රමන ගෞතමයන් වහන්සේ මේ කුසතන මිටත් රැගෙන  ගඟ දිගේ ගමන් කරන කොට උනවහන්සෙට මුන ගැහෙනවා අතු පතර විහිදි ගිය මහා බෝ සෙවනක්.  එකල  නියගය පැවති සමයක්.ගස් වැල් වේලි ගිය කාලයක්.නමුත් මේ බෝදි වෘක්ෂය ගඟ අසල ඉතා අලන්කාරව වැඩි තිබුනා.

ඉතින් මෙය දුටු ශ්‍රමන ගෞතමයන් සොත්තිය බමුනා දුන් කුසතන අටමිටත් රැගෙන අර බෝ සෙවනට ගිහිල්ලා ගග පැත්තට හැරුනා (නැගෙනහිර දෙසට).හරිම ලස්සන‍යි වටපිටාව,ගග අසලින් ගලා බසිනවා,සිසිල් සුළඟ හමායනවා.ඉතින් මේ ශ්‍රමන ගෞතමයන් බෝ රුක් සෙවන යට කුසතන අටමිට අතුරලා ඒ මත දෙපට සිවුරු අතුරලා එරමිනියා ගොතා ගෙන පද්මාසනයෙන් හිද ගත්තා.මෙහෙම හිද් ගෙන උන්වහන්සේ මෙහෙම ප්‍රාර්තනාවක් කරනවා.  “මාගේ මේ ගමනේ ඉවරයක් තියෙන්න ඕනා මාගේ ශරිරයේ ලේ මස් නහර වියලේවා,සම නහර ඇට ඉතිරිවේවා.යම් ව්රයයකින් යම් දෙයක් අවබෝද කිරිමට ඇත්ද එය අවබෝද නොකොට මා මෙතනින් නොනැගිටිමි.” මෙන්න මේ වීරයයට තමයි කියන්නේ “චතුරංග සමන්නාත වීර්යය.” ඉතින් මේ ශ්‍රමන ගෞතමයන් සමාදිය වඩන්න පටන් ගත්තා.මෙන්න මේ අවස්තාවේදි තමයි මාරයා සිය දහස් ගානක් සේනාව සමග  ශ්‍රමන ගෞතමයන් ඉදිරිපිටට එන්නේ.ඇවිත් මෙහෙම කියනවා.

“ඒයි ගෞතම ඕක නවත්ත්පන් ඔය තැන මගේ.”

එවිට ගෞතමයන් වහන්සේ ඇසුවා එසේ කිමට ඔබට මොනවද ඇති සාක්ශි?”   එතකොට මාරයාගේ සේනාව කියනවා “අපි සාක්ෂි.”

එතකොට ගෞතමයන් වහන්සේ කිවුවා නෑ මේක මටයි අයිති මෙතන මගේ කියලා.”

එතකොට මාරයා ඇසුවා එසේ කියන්නේ “කෝ නුබට සාක්ෂි කියලා” එවිට උන්වහන්සේ දකුණු අතින් පොලව ස්පර්ෂ කරලා මෙහෙම ප්‍රශ්නකරනවා…හේ ග්‍ර්ති මාතා!!! මා මෙතෙක් කලක් සසරේ සැරිසැරුවේ මෙතන සොය ගෙන නොවෙද..??”   මහ පොලොව ගිගුම් දුන්නා.. මාරයා ඇතා පිටින් වැටුනා.මේ ප්‍රාතිහාර්ය සමග මාර සේනාව පලා යන්නට වුනා.

ඔන්න ඔහොම තමයි අප මහා සම්බුදු රජානන් වහන්සේ ලොවුතුරා මහා සම්බුද්දත්වයට පත්වු නේ.ඉතින් මේ විදිහට උන් වහන්සේ අපිට නිවැරදි මාර්ගය පෙන්වලා දුන්නා.අපේ යුතුකම තමයි මේ මාර්ගයේ අතරමංනොවී යන එක.අප මේ සසරේ කොතරම් දුර ගමන් කරන්නට ඇත්ද ?, කොපමන දුක් විදින්න ඇත්ද ? නිරයේ කොපමන කල් ගෙවන්න ඇත්ද? නමුත් අප තාමත් මේ සසරේ ගමන් කරනවා…. ඇත්තටම අපි බෟද්ධයෝ උනාට මෙ ධර්මය උඩින් අතගාල විතරයි තියෙන්නේ.මේකේ තියන යථාර්තය අපි තවම අවබෝද කරගෙන නෑ.

සෙවුම් යන්ත්‍ර හා එහි ක්‍රියායාකාරිත්වය

මේ මාගේ තෙවන ලිපියයි.පෙර ලිපි වලට ලැබුන ප්‍රතිචාර නිසා තවත් ලිපියක් ලියන්න හිතුනා.මෙ ලිපියෙන් මා කතා බහ කරන්න යන්නේ සෙවුම් යන්ත්‍ර හෙවත් search engine ගැනයි.

ඔබ දන්නවා අන්තර්ජාලයේ තුල මේ සෙවුම් යන්ත්‍ර කොපමන සේවයක් කරනවාද කියා.ඒ ගැන අමුතුවෙන් සදහන් කරන්න වුවමනා නෑ.මෑත වකවානුවෙ අන්තර්ජාලයේ මහා දැවන්තයෙක් ලෙස google සමාගම ඉදිරියෙන් ඉන්නවා ඒ අතර yahoo,Bing  යන සමාගමද දෙවනුව සහා තෙවනුව සිටිනවා.මේ ලිපිය මගින් මම Google සෙවුම් යන්ත්‍රය ගැන විවරණයක යෙදෙන්න සිතුවා.

Google කියන්නේ  1998 වර්ෂයේ Larry Page සහා Sergey Brin විසින් ආරම්භ කරන ලද සමාගමක්.මෙහි core එක එහෙමත් නැත්නම් අන්ත්‍ර්ගතය Algorithm එකක් මත පදනම් වෙලා තියෙනවා. Algorithm එකක් කියන්නේ සංකීර්න රීති ක්‍රමයක්.මෙහි මුහුණත එහෙමත් නැතිනම් front end එක අපි Google search ලෙස හදුනාගන්නවා.

ඇත්තටම මේ Algorithm එක තමයි Google සෙවුම් යන්ත්‍රයේ හදවත වෙලා තියෙන්නේ.මෙහි තිබෙන සුක්ෂමතවයත් නිසා අද අපට කිසිදු වෙහෙසකින් තොරව අන්තර්ජාලය අසුරු කරන්න පුළුවන්.මින් ඉදිරියට මේ සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ගැන විමසා බලමු. මෙය මම උදාහරනයක් මගින් පැහැදිලි කරන්නම්.

හිතන්නකෝ ලෝකයේ තිබෙන සෑම විෂයකටම අදාල ග්‍රන්ථ ගෙනල්ලා හිස්වු ජල තටාකයකට දැම්මා කියලා.දැන් කාටහරි කිව්වොත් ඔය කියන තටාකයෙන් අහවල් පරිච්චේදය තියෙන පොත අරගෙන දෙන්න කියලා ඒක කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් නගෙනවා.ඉතින් මේ පොත් සියල්ල පිලිවෙලකට වර්ග කරලා තිබ්බොත් කෙතරම් සුලු කාලයකින් පොත සොයා ගන්න පුළුවන් ද?

මේ සරල උදාහරණයේ සංකීර්ණ අනුරූපකයක් තමයි Google  හදලා තියෙන්නේ.මොවුන් අන්තර්ජාලයේ විසිරිලා තිබෙන වෙබ් අඩවි වල තොරතුරු සොයාබලා ඒවා එක තැනකට ගෙනල්ලා ඒවායේ නිර්වද්යතාව මත වර්ග කරලා පරිශ්‍රීලකයන්ට ලබා දීම සිදු කරනවා.

මේක ලස්සනම හරිය තියෙන්නේ google තම දත්ත ගබඩාවලට දත්තයන් ලබා ගැනීම සහා ඒවා වර්ග කරන ආකාරයි.Google මේ සදහා Crawler හෙවත් Google Bot කෙනෙක් යොදා ගන්නවා. Crawler කෙනෙක් කියන්නේ සුක්ෂම Script එකක්.මේ Script එකට පුළුවන් ඉතා සුළු කාලයකින් වෙබ් අඩවියක් පරික්ෂා කරන්න.මෙවැනි Crawlers ලා වර්ග කීපයකින් අන්තර්ජාලයේ සිටිනවා.( වර්ග කිව්වේ සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට යන වෙනමම  crawlers ලා ඉන්නවා.)

crawling

Crawler කෙනෙක්ගෙ කාර්ය තමයි වෙබ් අඩවිය පරික්ෂා කරලා එහි තිබෙන තොරතුරු , ලින්කස් සහා එම වෙබ් අඩවියට තිබෙන inbound links (වෙනත් වෙබ් අඩවි වලින් එන ලින්ක්ස්) ගැන තම දත්ත ගබඩාවන් (Data centers) යාවත්කාල කරගැනීමයි.මා මෙහිදි ඉදිරිපත් කලේ ඉතා සුලු කරුනු කිහිපයක් තව වෙබ් අඩවෙයේ බොහෝ කරුනු සොයා බලනවා.මෙය නැවත නැවතත් සිදු වන ස්වයංක්‍රීය ක්‍රියාවලියක්.

මෙලෙස Google තම දත්ත ගබඩාවන් නිර්මාණය කර, යාවත්කාල කර ගැනීම සිදු කරගන්නවා.ඔතන ලස්සනම හරිය තියෙන්නේ ඔය වර්ග කිරීමයි.ඇත්තටම කියුවොත් google සමාගමේ පැවැත්ම රදා පැවතිලා තියෙන්නේත් ඔය කියන වර්ග කිරීම මතයි.මොකද පරිශ්‍රීලකයා සදහන් කරන සෙවුම් පදයට අදාල තොරතුරු නිවැරදිව ලබා දීමට සෙවුම් යන්ත්‍රය අපොහොසත් නම් පරිශ්‍රීලකයන් එම සෙවුම් යන්ත්‍රය භාවිත යෙන් ඉවත් වෙනවා.ඉතින් ඔය වර්ග කිරීම හරි වැදගත්. ඔන්න ඔතනදි තමයි page rank කියන සංකල්පය මතුවෙන්නේ.page rank කියන්නේ එක්තරා මිනුමක්.මෙය මත පදනම් වෙලා තමයි සෙවුම් යන්ත්‍රය වෙබ් අඩවිය ස්ථානගත කිරීම සිදුකරන්නේ.page rank ගැන වඩි විස්තර අපි පසුව සලකා බලමු.වර්තමානයේ සෙවුම් යන්ත්‍ර වලට තිබෙන ප්‍රභලතම අභියෝගය තමයි spam වලින් තම දත්ත ගබඩාවන් ආරක්ෂා කර ගැනීම.මේ නිසා මොවුන් කාලයෙන් කාලයට තම සෙවුම් පද්ධති යාවත්කාල කිරීම සිදුකර ගන්නවා.උදාහරනයක් ලෙස පසුගිය පෙබරවාරී මස පැමිණි panda update ය හදුන්වන්න පුලුවන්.මෙහි බලපෑම අන්තර්ජාලයේ වෙබ් අඩවි 11.8% කට එල්ල වුනා.ඉතින් තම වෙබ් අඩවිය හරියාකාරව පවත් ගැනීම ඉතා වැදගත් වෙනවා.

Adsense ගිණූමක් සාදා ගැනිමට තිබිය යුතු සුදුසු කම්

හොඳයි පෙර ලිපියෙන් adsens යනු කුමක් දැයි  ඔබට විසතර  කර දුන්නෙමි.ඒ පිලිබඳ දළ අදහසක් පාඨක ඔබට මේ වන විට ලැබි අත.එහිදි මා සඳහන් කල අන්දමට “මෑත වකවානුව තුල adsense ගිණූමක් සාදා ගැනීම එතරම් පහසු නොවේ.”එම නිසා මෙම ලිපියෙන් ගිණූමක් සාදා ගැනීමට තිබිය යුතු සුදුසුකම් ගැන විවරනයක යෙදීමට සිතු වෙමි.ඔබ දන්නවා මේ වන විට අන්තර්ජාලය කොතෙක් දුරට නුතන මිනිසාට සමීප වී අතිද කියා.එයට හේතුව ලෙස සත්යද තොරතුරු තිබීමත් ඒවා සුලු මොහොතකින් සොයා ගැනීමට හැකි වීමත් ය.

1. Adsense ගිණූමක් සාදා ගැනිමට තිබිය යුතු පළමු සුදුසු කම වන්නේ ඉල්ලුම් කරුවාට Google ගිණූමක් තිබබීමයි.
මෙය ඉතා පහසුවෙන් ඕනෑම පුද්ගලයෙකුට සාදා ගත හැක.  නමුත් එය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුනු කිහිපයක් තියෙනවා.  මොකද මෙය මුදල් පදනම් කොට ගෙන ගොඩ නැගුනු පදධතියක්.එසේනම් ආරක්ශාව(security)ගැන වඩාත් සැලකිලිමත් විම නුවණට හුරුයි.මගේ මතය  නම් ඔබේ Adsense ගිණුම(Google ගිණුම) Adsense වලට පමණක් භාවිතා කරන්න.එමගින් E-mail යැවිම chat කිරීම සහා අනෙකුත් සේවාවන් සිදු නොකරන්න.

2.දැන් ඔබට Google ගිණුමක් ඇති නිසා ඔබේ විද්යුහත් ලිපිනය සහා මුර පදය සදහන් කර Google Adsense පද්ධතියට ඇතුලු විය හැක.

3.Adsense ගිණුමකට ඉල්ලුම් කිරිමට අනිවාර්යෙන්ම ඉල්ලුම් කරුවාට Web අඩවියක් තිබිය යුතුයි.මෙයද කිසිදු මුදලක් වැය නොකට Blog spot,Word press වැනි සේවාවන් හරහා සාදා ගත හැක.නමුත් අන්ත්ර්ජාලයේ තිබෙන තරගකාරිත්වය මත ඉල්ලුම් කරුවාට domain එකක් තිබිම වාසිදයක වේ.

4.ගිණූම ආරම්භ කිරීමට යෑමේ දී ඉල්ලුම් කරුවාට form එකක් පිරවිමට සිදු වනවා.එහිදි අනිවාර්යෙන් ඔබගේ ලිපිනය නිවැරදිව සදහන් කිරිම වැදගත්.      එම ලිපිනයට තමා Google සමාගම චෙක් පත එවිම සිදු කරන්නේ.තවද දුරකථන අංකය සහා zip code එක සදහන් කිරිම අනිවාර්ය වනවා. ඉල්ලුම් කරුවාගේ නමට සහා ලිපිනයට මීට පෙර ගිණූමක් Register කර ඇත්නම් එහිදී  අනුගමනය කල යුතු වෙනත් පියවර තිබෙනවා. සාමාන්යවයෙන් එක් පුද්ගලයෙකුට සාදාරන හේතුන් මත ගිණූම් 2ක් භාවිතා කල හැක.

මේ තමා Adsense ගිණුමකට තිබිය යුතු මුලික සුදුසුකම්.මින් ඉදිරියට ගිණුම සක්රිලය කර ගැනිමට වෙබ් අඩවිය තුල පිලිපැදිය යුතු කරුණු ගැන සලකා බලමු.

ගිණුම සක්රි ය කරගනීමට මූලික කරුනු හැරුනු කොට ප්ර්ධාන වශයෙන් බලපාන්නේ වෙබ් අඩවිය සහා එහි අන්තර්ගතයයි.වැඩි දුර තොරතුරු SEO සහා SEM මාතෘකා යටතේ ඉදිරි ලිපි පෙලකින් බලාපොරොතුවන්න.

5. ඉල්ලුම් කරුවගේ වෙබ් අඩවිය තුළ තිබෙන සියලු දේ විශේෂයෙන් ලිපි ,උපුටා ගත් ඒවා නොවිය යුතුයි.තවත් පහැදිලි කලොත් Duplicate contents නොවිය යුතුයි. යම් අයෙක් වෙනත් වෙබ් අඩවියක ලිපි තම වෙබ් අඩවියේ copy-paste කලේනම් ඔහුගේ ඉල්ලුම් පත්රය  ප්රතතික්ශේප වනු ඇත.එසේ කිරීමට සිදුවන අවස්ථාවන් වලදී අනුගමනය කළ යුතු පියවර තුබෙනවා.ඒවා පිලිබද පසුව සලකා බලමු.

6.පස් වැනි සුදුසුකම තමයි වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම නිම වුනු වෙබ් අඩවියක් විය යුතුයි.එනම් under construction වෙබ් අඩවි ඉල්ලුම් පත්රයට යොමු නොකරන්න.

7. වෙබ් අඩවිය තුළ Pornography,Haking, Terrorist activities,Alcohol වැනි කරනු ගැන සදහන් නොකල යුතුයි.මේ පිලිබද වැඩි දුර තොරතුරු මේ ලින්ක් එක මගින් ලබා ගත හැක.

8. වෙබ් අඩවිය තුළ සියලු Link ක්රි යා කරන තත්වයේ පැවතිය යුතුයි.

9. වෙබ් අඩවිය Malware,Virus වලින් තොර විය යුතුයි.(මෙය ඔබට Google webmaster tools භාවිතා කර පරීක්ෂා කළ හැක.)

10. ඉල්ලුම් කරුවගේ වෙබ් අඩවිය තුළ Flash, Ajax, jquery වැඩිපුර අඩංගු වීම අවාසිදායකයි.මන්ද, එවැනි  වෙබ් අඩවි crawl කිරීම අපහසු බැවින් ඒවා ප්රසතික්ශේප විය හැක.



Google adsense ඇත්තටම මේ මොකක් ද ?

Google adsese කියන්නෙ Google සමාගම විසින් අන්තර්ජාලය තුළ විසුරුවාහරින ළද වෙළද දැන්විම් ප්‍රචාරන පද්ධතියක් .මෙක ඇතටම කිවුවොත් වෙබ් අඩවි හිමිකරුවන්ට පැදුනු ඉල්ලමක් වගේ.මෙමගින් දැනට ලොකේ මිලියන ගණනින් ආදායම් උපයන පුද්ගලයින් ඉන්න්වා .pay per click ක්‍රිමයට සකසුනු මෙම පද්ධතිය  සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන්නක්.මෙ සදහා වෙබ් අඩවි හිමිකරුවන්ට google adsese ගිණුමක් අවශ්‍යයයි.එය කිසිදු අය කිරීමකින් තොරව google සමාගම විසින් වෙබ් අඩවි හිමිකරුවන්ට ලබා දෙනවා.නමුත් ගිණුමක් විවෘත කිරීම මෑත වකවානුව තුල එතරම් පහසු කටයුතක් නොවෙ.ඒ සදහා වෙබ් අඩවිය සපුරාළිය යුතු සුදුසුකම් තිබෙනවා.ඒ පිළිබඳ වඩිදුර තොරතරු පසුව බලාපොරොතුවන්න.

google adsese

මෙ පද්ධතිය භාවිතයෙන් ප්‍රකාෂකයින්ට මාදිළි කිහිපයකින් ads/දැන්වීම් ලබා ගත හැක (content ads, search ads,feeds සහා domain ads වශයෙන්).තවද මෙම දැන්වීම් තම වෙබ් අඩවියට ගලපෙණ අයුරින් වර්ණ ගන්වා  ප්‍රමාණය සැකසීමට ප්‍රකාශකයින්ට හකියාව තිබෙනවා .ඒ සදහා වුවමනා සියළුම පසුකම් adsese මෘදුකාංගය සතු වනවා. මෙසෙ සදාගන්නා ලද දැන්විම java script code එකක් ලෙස ලබා ගත හැක.එය වෙබ් අඩව්යේ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමෙන් ප්‍රකාෂකයාගෙ භුමිකාව අවසන් වෙනවා.

මෙ වන විට පාඨක ඔබට, පළවන දැන්වීම් මොනවාද ?  ඒවා වෙබ් අඩවියේ තොරතුරුවලට ගළපෙනවාද ? වැණි ගැටළු නිසකවම පැන නගිනු ඇත.මා මුලින් පැවසු අන්දමට මෙම  පද්ධතිය ස්වයංක්‍රියව ක්‍රියාවලියක්, ප්‍රකාෂකයා විසින් යොදන ලද java script code ය මගින් google සමාගම වෙබ් අඩවිය සතු තොරතුරු සියල්ල පිළිබද  විශ්ලේෂණයක යෙදී අවසානයේ ඒ සහා ගැළපෙන දැන්වීම් display කිරීම සිදුවනවා. තම ගිණුමේ 100$ ඉක්මවු පසු ප්‍රකාෂකයාගේ අභිමතය පරිදි  එය චෙක් පතක් මගින් ලබා දීම google ස්මාගම විසින් සිදුකරනු ලබනවා.

මෙම ලිපිය හුදෙක් adsese යනු කුමක්දැයි දළ වශ්යෙන් අවබෝධ කරදීමට ගත් උත්සහායකි.ඉදිරි ලිපි පෙළකින් පියවරින් පියවර සවිස්තරව විවරණය යෙදීමෙ බලාපොරොතුවෙන් මෙම ලිපිය අවසන් කළෙමි.